Posts

A K D හෙවත්, අමුඩය කඩන් දුවන්නා.

Image
    ලියුම්කරුට මෙම ලිපිය ලිවීමට ප්‍රස්තුතය වුනේ ජවිපේ ප්‍රචාරක ලේකම් ලෙස කට‍යුතු කරන් කේ.ඩී. ලාල් කාන්ත මහතා විසින් , ඒම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක ගැන සිදුකරන ලද අලංකෘත වූ වාග්ප්‍රහාරය දෙසවණවැකීයි.   ඔහු කියන පරිද්දෙන්  අකුදි AKD,   අප සැම බිය විය යුතු නැති, සිතූ පැතූ සම්පත් ජනතාවට ලබා දීමේ පරම පිවිතුරු චේතනාවෙන් කටයුතු කරන දේශපාලකයෙක් බවයි. 1948 සිට මෙතුවක් පැවති ආණ්ඩු වලින් ශ්‍රී ලංකා ධරණී තලයට සිදුවු අබැටකුදු දෙයක් නැත. සත්‍යකි. නමුත් ජවිපෙ ප්‍රමඛ පෙරටුගාමී  අදහස් ඇති පක්ෂ වල මූලික අභිප්‍රාය වූයේ රට සැදීම නම්, 2015 වනවාරි 08 වැනිදා සිට මෛත්‍රී-රනිල් හවුල සමඟ නිදිවැදුනාදැයි අසන්නට ඕනැම පුරවැසියෙකුට සාධාරණ අයිතියක් ඇත.   අකුදි වූ කලී, ශ්‍රී ලංකා ඉතිහාසයේ රනිල්ට පමණක් දෙවැනි වන කෛයිරාටිකයෙකි. ඔවුන්ට රට හදීමට වුවමනාවක් නැත. ඔවුන්ගේ පරම චේතනාව වන්නේ රනිල් වික්‍රමසිංහ බේරා ගැනීමයි. වසර 5ක් තිස්සේ පාර්ලිමේන්තුව තුලද පාර්ලිමන්තුවෙන් පිටද ඔවුන් විසින් කනු ලැබුවේ ඒ දෙයයි.   ලාල් කාන්ත විසින් ගෝඨාභය මිනීමරුවෙකැයි පුන පුනා කියයි. සුදුවෑන් සංස්කෘතිය ඇති කලේ ගොඨභය යැයි පි

මිස් ඉතාලියා තරඟය, ජාතිකත්වය ප්‍රදර්ශනය කිරීමට හොඳ වේදිකාවක් කරගත් ඉතාලිය

Image
ඉතාලිය තුල තුල තලෙලු බවේ සංකේතය කිරුළු පළඳවන්නට සෙව්මි ෆනැන්ඩෝ සමත්වීම ශ්‍රී ලාංකිකයන් වශයෙන් අප ලැබූ විශිෂ්ඨ ජයග්‍රහණයක් .       නමුත් මිස් ඉතාලියා යන්නෙහි ඇති අර්ථය කුමක් ද කියා මා අමුතුවෙන් විශලේෂණය කරන්න අවශ්‍ය නැහැ. ඉතාලිය තුල සංක්‍රමණික නීති රීති වෙනස් වන්නේ දරා ගැනිමට නොහැකි තරම් සංක්‍රමණිකයන් පිරිසක් ඉතාලියට තුලට පැණීමත්, ඉතාලියේ වත්කම් අතපත් කර ගැනීමත් හා මාස් පතා බිලියන ගණනින යූරෝ වෙනත් රටවලට යැවීමත් සමඟයි.   ඉතාලි තුල පැවති රජයන් මඟින් සංක්‍රමණික නීතිය විශාල වශයෙන් ලිහිල් කිරීමේ ප්‍රථිපලයක් ලෙස ඉතාලියේ ආර්ථිකය මෙන්ම සමාජයීය පසුබිමද ගොඩක් විනාශ වුනා. මතෙයො සල්වීනිගේ පැමිණිමත් සමඟ නිද්‍රාවේ සිටි ඉතාලි ජාතිකයන් අවදි වී ඇති බවට හොඳම උදාහරණයක් තමයි මිස් ඉතාලියා තරඟ ප්‍රථිපලය.   වර්තමානයේ ඉතාලි ජාතිකයන් ජාතිකත්වය වෙනුවෙන් පෙනී සිටිනන් බවට පත්වෙලා සිටිනවා. ඒය ඉතාලියේ අනාගතයට සුබ ආරංචියක්.   මෙම තරඟය දෛස බැලිය යුත්තේ සාපේකෂව. මන්ද යත් ඉතාලිය තුල රැඳී සිටින ශ්‍රී ලාංකියන්ට ඒය විශාල අභිමානයක් වුවත්, ඉතාලි ජාතිකයන් වශයෙන් මිස් ඉතාලියා කිරුළ වෙනත් සම්භවයකට උරුම

ප්‍රාහරයෙන් තුවාල ලැබූවන් වහාම විශේෂ ප්‍රකාශයක් කරන්න

Image
ශතවර්ෂයක් තුල වැඩියෙන් ම කතාබහ කල වචන හතර වන්නේ "අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරය" යන්න බව කිසිම සැකයක් සිතෙ තබා ගත යුතු නැත. එවන් පසුබිමක අද දින මා මෙන්ම ඔබත් අතිශය විශ්මයජනක තත්ත්වයකට පත් කිරිමට පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර සමත් වුණි. එනම්, අප්‍රේල් 21 පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් තුවල ලබා රෝහල් ගතව සිට නිවෙස් වෙත ගිය රෝගීන් ගෙ සත් දෙනෙක් පමණ, සිය ලිපිනයන් දෝශ සහගත ලෙස රෝහලට ලබාදීම සම්බන්ධයෙන් විශේෂ අවධානයට ලක් කරන බව ද තවද, පාස්කු ප්‍රහාරයෙන් තුවාල ලැබූවන් ,පොලිස් මූලස්ථානයේ ස්ථාපනය කර තිබෙන විශේෂ පැමිණිලි අංශයේ දුරකථනයට කතා කොට ප්‍රහාරය පිලිබඳ ප්‍රකාශයක් ලබා දිය යුතු බවත් ය. කාට කෙසේ කොතනින් සිනාසිය යුතුද යන්න ද නැතහොත් කෙලෙස කොපමණ කාලයක් හැඬිය යුතුද යන්න මට නම් සිතා ගැනීමටවත් නොහැක. ඇස්පනාපිට ප්‍රහාරය හිතාමතා සැලසුම් කර සිදුකල එකක් බවත්, රජය හා විපක්ෂයේ මැති ඇමතිවරුන් විසින් හිතමතා ජනතාව තුන්සීයක ට වඩා ඝාතනය කරන තෙක් බලාගෙන සිටිය බවත්,බුද්ධි අංශ විසින් පොලිසිය ඇතුලු ආරක්ෂක අමාත්‍යංශයට පෙර දැනුම්දීම් සිය ගණනක් කර තිබියදීත් දෙයියන්ගේ හාල් කැවුන පොලිස් මාධ්‍යප්‍රකාශ

ඉන්දියාව රනු මොන්ඩාල්ව සොයාත්තා. ශ්‍රී ලංකාව කුවේට් කුමාරිව සොයාගත්තා

Image
    රනු මොන්ඩාල් යනු දිනක් ඇතුලත ලොවම කළඹමින් ජනප්‍රියත්වයට පැමිණි පුද්ගලයන් අතර සිටින කෙනෙකි. ඉන්දියාවේ දුම්රිය වේදිකාවක් තුල හින්දී ගී ගයමින් උමතුවෙන් කාලය ගෙවමින් සිටි අවධියක තරුණයකෙගු සුරතේ රැ‌‌ඳෙමින් තිබූ ස්මාර්ට් දුරකතයෙන් ඇයව පටිගත වන්නේ රනූ මොන්ඩාල් ගේ ගැලවුම්කරුවා ඔහු යැයි ඇය ද  නොදැන සිටි පසුබිමකය.   පසුව ඒම තරුණයා විසින් ඒම වීඩියෝව ෆේස්බුක් මතට මුදාහැරීමත් සමඟ ඇයගේ දෛවය වෙනස්වීම ඇරඹුනි. සත්‍යවශයෙන්ම ඇය ගායනාවට උපන්හපන්කම් ඇති කාන්තාවක්.   ඒ හා සැසිඳීමේදී කවදත් නිසරු දෙය සරු දෙය ලෙස ගන්නා සුවහසක් වූ ශ්‍රී ලාංකික තාරුණ්‍ය විසින් ටියුන් කරනු ලැබුවේ කුවේට් කුමාරිය. ගැටලුවක් නැත. ඇයද කාන්තාවකි. නමුත් ඇයට ගායනයට  හැකියාවක් නැත. ගායනයකින් සවන් දෙන්නාගේ මනස සැහැලලු කිරීමට හැකි විය යුතු අතර අසන්නාට උන්හිටිතැන් අහිමි කිරීමට සමත් නොවිය යුතුය.   ඇය ගම්බද කාන්තාවකි. රනු මොන්ඩාල්ද ඒසේය. දෙදෙනාම කාන්තාවන්ය. දෙදෙනාම හැකි අයුරින් ගායනා කරන්නෝය.   ඒක් අතකින් හැකියාව ලෙස ශ්‍රි ලාංකික තරුණ තරුණියන්ට වඩා ඉන්දීය තරුණ තරුණියන් අර්ථදක්වන අකාරාය බොහෝ දුරට මාන දෙකක් විය හැකිය

සි රි සේ න ට ත ර හ ගි හි න් ......?

Image
    මෛත්‍රීපාල සිරිසේන යනු මා දකින ආකාරයට ලෝකයේ වැඩියෙන්ම පීඩනය දරාගෙන සිටිය හැකි මිනිසායි. ඔබටද මදක් නැවතී කල්පනා කලොත් ඒය කෙතරම් දුරට සත්‍යද යන්න මදක් හෝ වැටහෙනු ඇත. මහින්ද රාජපක්ෂ පාලනයෙන් මිරීකීමට පත්වන්නේ ඔහු සමහර විට රාජපක්ෂ රජයක් තුල අග්‍රාමාත්‍ය ධූරය අහිමි වීමෙන් පසුව හෝ විය හැකිය. ශ්‍රිලනිප හවුලේ ඒවකට සිටි අග්‍රාමාත්‍ය තනතුර හෙබවීමට වඩාත්ම යෝග්‍ය පුද්ගලයා වූයේ සිරිසේනයි.   මහින්ද විසින ඒය අවශ්‍ය වෙලාවට නොකල නිසා සිරිසේන තුල දේශපාලනික වෛරයක් හට ගැනීම ඒක් අතකින් සාධාරණය.   යහපාලනය ගෙවීයාමට මත්තෙන් ඊයේ දින පැවැති ශ්‍රිලනිප 68 වන සංවත්සරයේදී ඍජුවම රනිල් වික්‍රමසිංහට චෝදනා කිරීමට සිරිසේනට කොණ්ද පන ආවේ කෙදේදැයි සීතීම විස්මය ජනකය.   සැබැවින්ම ඔහු සිය යටිකූටටු මායම් මෙහෙයවමින් අභ්‍යන්තරිකව දැනටමත් රාජපක්ෂලා සමඟ ගිවිසුමක් හෝ ගසා තිබීමට පුලුවන.   ඔහුට මේ වන විට මෙස් සිතෙනවාද  විය හැකිය.   ෴රාජපක්ෂවරුන් යටතෙ ස්වකීය ජීවිතාරක්ෂාව තිබේ. ඒසේ නොවන්නට 2020 ජනපතිවරණයෙන් පරාජය වී ගුටිනොකා ගමට යන්නේ කෙසේද.....?෴

නා ගා න න් ද නා ග නි ද .....

Image
  නාගාන්ද කොඩිතුවක්කු? ජනපතිවරණ සටනට පණ පොවන්න ඔහු ඉදිරිපත් වන්නේ තනිවමය. නමුත් පොජපෙ සහ ජවිපෙන් සිය ජනපති අපේක්ෂකයන් නම් කිරීමෙන් පසු,නාගානන්ද පසුබා ඇති ස්වරූපයක්ද පෙනීමට ඇත. පසුගිය දිනෙක සම්මුඛ සාකච්ඡාවකදී නාගානන්ද කියනු ඇසුනේ , සිය ප්‍රතිපත්ති ප්‍රකාශය හා යෝජිත ව්‍යවස්ථාව සමඟ කටයුතු  කිරීමට jaනතා විමුක්ති peරමුණ කැමthi වන්නේ නම් ඔවුන්ට එම අවස්ථාව ලබා දීමට තමන් කැමති බවයි.   නමුත් ජනතා විමුක්ති පෙරමුණේ අභීප්‍රාය වී ඇත්තේ ජනාධිපතිවරණයෙන් රාජපක්ෂලා පරාජය කරවීම පමණක් වීම ශ්‍රර්‍ ලාංකික ඔබත් මමත් ලැබූ මහත් අභාග්‍යයකි.   මේ අනුව ගත් කල නා ගා න න් ද නා ග නී ද ? යන ප්‍රශ්නයද අප හවුමේ නැත්තාම නොවේ