A K D හෙවත්, අමුඩය කඩන් දුවන්නා.
ලියුම්කරුට මෙම ලිපිය ලිවීමට ප්‍රස්තුතය වුනේ ජවිපේ ප්‍රචාරක ලේකම් ලෙස කටයුතු කරන් කේ.ඩී. ලාල් කාන්ත මහතා විසින් , ඒම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක ගැන සිදුකරන ලද අලංකෘත වූ වාග්ප්‍රහාරය දෙසවණවැකීයි.
ඔහු කියන පරිද්දෙන් අකුදි AKD, අප සැම බිය විය යුතු නැති, සිතූ පැතූ සම්පත් ජනතාවට ලබා දීමේ පරම පිවිතුරු චේතනාවෙන් කටයුතු කරන දේශපාලකයෙක් බවයි. 1948 සිට මෙතුවක් පැවති ආණ්ඩු වලින් ශ්‍රී ලංකා ධරණී තලයට සිදුවු අබැටකුදු දෙයක් නැත. සත්‍යකි. නමුත් ජවිපෙ ප්‍රමඛ පෙරටුගාමී අදහස් ඇති පක්ෂ වල මූලික අභිප්‍රාය වූයේ රට සැදීම නම්, 2015 වනවාරි 08 වැනිදා සිට මෛත්‍රී-රනිල් හවුල සමඟ නිදිවැදුනාදැයි අසන්නට ඕනැම පුරවැසියෙකුට සාධාරණ අයිතියක් ඇත.
අකුදි වූ කලී, ශ්‍රී ලංකා ඉතිහාසයේ රනිල්ට පමණක් දෙවැනි වන කෛයිරාටිකයෙකි. ඔවුන්ට රට හදීමට වුවමනාවක් නැත. ඔවුන්ගේ පරම චේතනාව වන්නේ රනිල් වික්‍රමසිංහ බේරා ගැනීමයි. වසර 5ක් තිස්සේ පාර්ලිමේන්තුව තුලද පාර්ලිමන්තුවෙන් පිටද ඔවුන් විසින් කනු ලැබුවේ ඒ දෙයයි.
ලාල් කාන්ත විසින් ගෝඨාභය මිනීමරුවෙකැයි පුන පුනා කියයි. සුදුවෑන් සංස්කෘතිය ඇති කලේ ගොඨභය යැයි පිස්සු කියවයි. මාධ්‍ය නිදහස අමු අමුවේ උල්ලංඝණය කලේ ගෝඨාභය විසින් යැයි පවසයි.
අනුර කුමාර ඒ් කිසිවක් නොකල නිසා ඔහු පමණක් බ්‍රැන්ඩ් නේම් ඒකක් බව පවසයි.
මතකය ඇති ඕනම අයෙක් අතීතාවර්ජනයක යෙදෙන්න. ඒය මීට වසර 30 කට ඒහා දිව යන අඳුරු අතීතයකි.ජවිපෙ යනු ශ්‍රී ලංකාව තුල වැඩිම භෞතික සම්පත් විනාශ කල දේශපාලන පක්ෂයයි. ඔවුන් විසින් මිනිසුන්ගේ අනන්‍යතාවය තහවුරු කරන හැඳුනුම්පත් කොල්ලය සිදු කලේය. සියලු විදුලි කණු කඩා බිඳ දැමුවේය. සීටීබී ඒක සතුව තිබූ බස් රථ ගිණිබත් කලේය. අඩුම තරමේ ඒවකට නිවසක ඒක වේලක් පමණක් ඉදිනු බත් මුට්ටිය පවා ඔවුන් විසින් සොරකම් කලේය. ඒයින් නොනැවතී ගෙවල් වලට පැන ලයිට් මීටර පවා තලා දැමීය.
මේ සා විශාල ජාතික දේපල විනාශ කල පක්ෂය, රාජපක්ෂ මන්ත්‍රය මතුරමින් මෙවර ජනාධිපතිවරණයට ඉදිපත්වීමට තීරණය කොට ඇත. ජනතාව වශයෙන් අප සැමට අන් කවරදාටවත් වඩා වගකීමක් හා යුතුකමක් මෙවර මැතිවරණයේදී ඉටු කිරීමට අවස්ථාව ලැබී ඇත.

Comments
Post a Comment