ඉන්දියාව රනු මොන්ඩාල්ව සොයාත්තා. ශ්‍රී ලංකාව කුවේට් කුමාරිව සොයාගත්තා
රනු මොන්ඩාල් යනු දිනක් ඇතුලත ලොවම කළඹමින් ජනප්‍රියත්වයට පැමිණි පුද්ගලයන් අතර සිටින කෙනෙකි. ඉන්දියාවේ දුම්රිය වේදිකාවක් තුල හින්දී ගී ගයමින් උමතුවෙන් කාලය ගෙවමින් සිටි අවධියක තරුණයකෙගු සුරතේ රැඳෙමින් තිබූ ස්මාර්ට් දුරකතයෙන් ඇයව පටිගත වන්නේ රනූ මොන්ඩාල් ගේ ගැලවුම්කරුවා ඔහු යැයි ඇය ද නොදැන සිටි පසුබිමකය.
පසුව ඒම තරුණයා විසින් ඒම වීඩියෝව ෆේස්බුක් මතට මුදාහැරීමත් සමඟ ඇයගේ දෛවය වෙනස්වීම ඇරඹුනි. සත්‍යවශයෙන්ම ඇය ගායනාවට උපන්හපන්කම් ඇති කාන්තාවක්.
ඒ හා සැසිඳීමේදී කවදත් නිසරු දෙය සරු දෙය ලෙස ගන්නා සුවහසක් වූ ශ්‍රී ලාංකික තාරුණ්‍ය විසින් ටියුන් කරනු ලැබුවේ කුවේට් කුමාරිය. ගැටලුවක් නැත. ඇයද කාන්තාවකි. නමුත් ඇයට ගායනයට හැකියාවක් නැත. ගායනයකින් සවන් දෙන්නාගේ මනස සැහැලලු කිරීමට හැකි විය යුතු අතර අසන්නාට උන්හිටිතැන් අහිමි කිරීමට සමත් නොවිය යුතුය.
ඇය ගම්බද කාන්තාවකි. රනු මොන්ඩාල්ද ඒසේය. දෙදෙනාම කාන්තාවන්ය. දෙදෙනාම හැකි අයුරින් ගායනා කරන්නෝය.
ඒක් අතකින් හැකියාව ලෙස ශ්‍රි ලාංකික තරුණ තරුණියන්ට වඩා ඉන්දීය තරුණ තරුණියන් අර්ථදක්වන අකාරාය බොහෝ දුරට මාන දෙකක් විය හැකිය.
෴ඒසේහෙයින් ඉන්දියාවේ තවදුරටත් රනු මොන්ඩාල් ලා බිහිවීමත් ශ්‍රී ලංකාවේ කුවේට් කුමාරිලා බිහිවීම සිදුවිය හැකිය.෴

Comments
Post a Comment