ප්‍රාහරයෙන් තුවාල ලැබූවන් වහාම විශේෂ ප්‍රකාශයක් කරන්න

ශතවර්ෂයක් තුල වැඩියෙන් ම කතාබහ කල වචන හතර වන්නේ "අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරය" යන්න බව කිසිම සැකයක් සිතෙ තබා ගත යුතු නැත. එවන් පසුබිමක අද දින මා මෙන්ම ඔබත් අතිශය විශ්මයජනක තත්ත්වයකට පත් කිරිමට පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර සමත් වුණි.

එනම්, අප්‍රේල් 21 පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් තුවල ලබා රෝහල් ගතව සිට නිවෙස් වෙත ගිය රෝගීන් ගෙ සත් දෙනෙක් පමණ, සිය ලිපිනයන් දෝශ සහගත ලෙස රෝහලට ලබාදීම සම්බන්ධයෙන් විශේෂ අවධානයට ලක් කරන බව ද තවද, පාස්කු ප්‍රහාරයෙන් තුවාල ලැබූවන් ,පොලිස් මූලස්ථානයේ ස්ථාපනය කර තිබෙන විශේෂ පැමිණිලි අංශයේ දුරකථනයට කතා කොට ප්‍රහාරය පිලිබඳ ප්‍රකාශයක් ලබා දිය යුතු බවත් ය.

කාට කෙසේ කොතනින් සිනාසිය යුතුද යන්න ද නැතහොත් කෙලෙස කොපමණ කාලයක් හැඬිය යුතුද යන්න මට නම් සිතා ගැනීමටවත් නොහැක.

ඇස්පනාපිට ප්‍රහාරය හිතාමතා සැලසුම් කර සිදුකල එකක් බවත්, රජය හා විපක්ෂයේ මැති ඇමතිවරුන් විසින් හිතමතා ජනතාව තුන්සීයක ට වඩා ඝාතනය කරන තෙක් බලාගෙන සිටිය බවත්,බුද්ධි අංශ විසින් පොලිසිය ඇතුලු ආරක්ෂක අමාත්‍යංශයට පෙර දැනුම්දීම් සිය ගණනක් කර තිබියදීත් දෙයියන්ගේ හාල් කැවුන පොලිස් මාධ්‍යප්‍රකාශක හා අධිකරණයේ කටයුතු කරන පිරිස් හැසිරෙන මේ  ආකාරය නින්දිතය. හාස්‍ය ජනකය.

පාස්කු ප්‍රහාරයේ සත්‍ය වශයෙන් ම දැන් වැරදිකරුවන් වන්නේ පල්ලියේ මංගල්‍යට ගියපු බැතිමතුන් යැයි නුදුරු දිනකදී ප්‍රකාශ කිරීමට බොහෝ දුරට ඉඩකඩ තිබෙන බවද සිහිතබාගෙන කටයුතු කල යුතුය.

-සුසන්ත ශ්‍රී ඒකනායක-

Comments

Popular posts from this blog

මිස් ඉතාලියා තරඟය, ජාතිකත්වය ප්‍රදර්ශනය කිරීමට හොඳ වේදිකාවක් කරගත් ඉතාලිය

සි රි සේ න ට ත ර හ ගි හි න් ......?

A K D හෙවත්, අමුඩය කඩන් දුවන්නා.