සි රි සේ න ට ත ර හ ගි හි න් ......?

 
 
මෛත්‍රීපාල සිරිසේන යනු මා දකින ආකාරයට ලෝකයේ වැඩියෙන්ම පීඩනය දරාගෙන සිටිය හැකි මිනිසායි. ඔබටද මදක් නැවතී කල්පනා කලොත් ඒය කෙතරම් දුරට සත්‍යද යන්න මදක් හෝ වැටහෙනු ඇත. මහින්ද රාජපක්ෂ පාලනයෙන් මිරීකීමට පත්වන්නේ ඔහු සමහර විට රාජපක්ෂ රජයක් තුල අග්‍රාමාත්‍ය ධූරය අහිමි වීමෙන් පසුව හෝ විය හැකිය. ශ්‍රිලනිප හවුලේ ඒවකට සිටි අග්‍රාමාත්‍ය තනතුර හෙබවීමට වඩාත්ම යෝග්‍ය පුද්ගලයා වූයේ සිරිසේනයි.
 
මහින්ද විසින ඒය අවශ්‍ය වෙලාවට නොකල නිසා සිරිසේන තුල දේශපාලනික වෛරයක් හට ගැනීම ඒක් අතකින් සාධාරණය.
 
යහපාලනය ගෙවීයාමට මත්තෙන් ඊයේ දින පැවැති ශ්‍රිලනිප 68 වන සංවත්සරයේදී ඍජුවම රනිල් වික්‍රමසිංහට චෝදනා කිරීමට සිරිසේනට කොණ්ද පන ආවේ කෙදේදැයි සීතීම විස්මය ජනකය.
 
සැබැවින්ම ඔහු සිය යටිකූටටු මායම් මෙහෙයවමින් අභ්‍යන්තරිකව දැනටමත් රාජපක්ෂලා සමඟ ගිවිසුමක් හෝ ගසා තිබීමට පුලුවන.
 
ඔහුට මේ වන විට මෙස් සිතෙනවාද  විය හැකිය.

 ෴රාජපක්ෂවරුන් යටතෙ ස්වකීය ජීවිතාරක්ෂාව තිබේ. ඒසේ නොවන්නට 2020 ජනපතිවරණයෙන් පරාජය වී ගුටිනොකා ගමට යන්නේ කෙසේද.....?෴

Comments

Popular posts from this blog

මිස් ඉතාලියා තරඟය, ජාතිකත්වය ප්‍රදර්ශනය කිරීමට හොඳ වේදිකාවක් කරගත් ඉතාලිය

A K D හෙවත්, අමුඩය කඩන් දුවන්නා.