මිස් ඉතාලියා තරඟය, ජාතිකත්වය ප්‍රදර්ශනය කිරීමට හොඳ වේදිකාවක් කරගත් ඉතාලිය

ඉතාලිය තුල තුල තලෙලු බවේ සංකේතය කිරුළු පළඳවන්නට සෙව්මි ෆනැන්ඩෝ සමත්වීම ශ්‍රී ලාංකිකයන් වශයෙන් අප ලැබූ විශිෂ්ඨ ජයග්‍රහණයක් .
 
 
 
නමුත් මිස් ඉතාලියා යන්නෙහි ඇති අර්ථය කුමක් ද කියා මා අමුතුවෙන් විශලේෂණය කරන්න අවශ්‍ය නැහැ. ඉතාලිය තුල සංක්‍රමණික නීති රීති වෙනස් වන්නේ දරා ගැනිමට නොහැකි තරම් සංක්‍රමණිකයන් පිරිසක් ඉතාලියට තුලට පැණීමත්, ඉතාලියේ වත්කම් අතපත් කර ගැනීමත් හා මාස් පතා බිලියන ගණනින යූරෝ වෙනත් රටවලට යැවීමත් සමඟයි.
 
ඉතාලි තුල පැවති රජයන් මඟින් සංක්‍රමණික නීතිය විශාල වශයෙන් ලිහිල් කිරීමේ ප්‍රථිපලයක් ලෙස ඉතාලියේ ආර්ථිකය මෙන්ම සමාජයීය පසුබිමද ගොඩක් විනාශ වුනා. මතෙයො සල්වීනිගේ පැමිණිමත් සමඟ නිද්‍රාවේ සිටි ඉතාලි ජාතිකයන් අවදි වී ඇති බවට හොඳම උදාහරණයක් තමයි මිස් ඉතාලියා තරඟ ප්‍රථිපලය.
 
වර්තමානයේ ඉතාලි ජාතිකයන් ජාතිකත්වය වෙනුවෙන් පෙනී සිටිනන් බවට පත්වෙලා සිටිනවා. ඒය ඉතාලියේ අනාගතයට සුබ ආරංචියක්.
 
මෙම තරඟය දෛස බැලිය යුත්තේ සාපේකෂව. මන්ද යත් ඉතාලිය තුල රැඳී සිටින ශ්‍රී ලාංකියන්ට ඒය විශාල අභිමානයක් වුවත්, ඉතාලි ජාතිකයන් වශයෙන් මිස් ඉතාලියා කිරුළ වෙනත් සම්භවයකට උරුමකම් කියන තරුණියකට නොයා යුතු දෙයක්  ලෙස විනිශ්චය කිරීමට තරම් සුවිශේෂී තත්තවයකට පත්කිරීමට ජාතික්වය නියෝජනය කරන කඳවුර සමත් වෙලා තියෙනවා.ඒය මිස් ඉතාලියා තරඟයට පමණක් නොව සියලුම දේවල් වලට බලපාන දෙයක් වනු ඇත. ඒයට බැන වැදී පලක් නැහැ.ඇඟේ පච්චයක් කෙටීම ඉතාලි යේ වෙසෙන කෙනෙකුට පුදුම දනවන කාරණයක් නොවෙයි. නමුත් පච්චයක් ගසාගෙන සිටීම අපිරිසිදු කමේ සංකේතයක් ලෙස අර්ථ දැක්වීමට තරම් විනිශ්චය මණ්ඩලයේ ඇතැමුත් උත්සුක වුනා.
 
 
෴අප මෙයින් විශ්ලේශණය කරගත යුතු කාරණය වන්නේ රටේ අභිමානය වෙන අයට අතපත් කරගැනීමට නොදීමට තරම් ස්වදේශිකයන් පෙළඹෙන අතරතුර ශ්‍රී ලංකිකයන් පමණක් තමන්ගේ ස්වදේශකත්වයට , කොහෙවත් නැති විදේශකත්වයක් ආරූඪ කරගෙන, නැති සෙල්ලම් නටා මිහිතලයෙන් වඳවෙන ජාතියක් බවට පත්වීමයි.෴

Comments

  1. ඉතාලියේ ජීවත්වන ශ්‍රි ලාංකිකයන් වශයෙන් ඉතාලි යුවතියන් 10000ක් අතරින් 3 වන අවස්ථාවට පත්වීම ගොඩාක් ආඩම්බරයක් අපි හැමෝටම..හදවතින්ම සුභ පතනවා සෙව්මි දුවට..නමුත් අපි හැමෝම දුටු දෙය නම් අවසාන තරඟයෙදී ඉතාලි වැසියන් තමන්ගේ ජාතිය දිනවන්න උනන්දු උන අයුරු. හැම රටකම එහෙම පසුබිමක් තිබියදී ඇයි අපේ රටේ මිනිස්සු එකිනෙකා පිල් බෙදිලා අනකොටා ගන්නේ...ජාතියක් වශයෙන් අපි එකතු වෙන්න ඕන. අන්න ඒ වෙනස තමයි සිදුවිය යුත්තේ..��

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

සි රි සේ න ට ත ර හ ගි හි න් ......?

A K D හෙවත්, අමුඩය කඩන් දුවන්නා.